කොළඹ විශ්වවිද්‍යාලය
1929 ජූනි 10 වන දා ආරම්භ වූ මෙය ශ්‍රී ලංකාවේ පැරණිතම දේශීය වෛද්‍ය අධ්‍යාපන ආයතනයයි. 2023 මාර්තු 01 වන දින නිල වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත් විය.
වැඩිදුර ඉතිහාසය කියවන්න ක්ලික් කරන්න... ➔
ශිෂ්‍ය සුබසාධනය සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දේශීය වෛද්‍ය පීඨයේ සමස්ත ශිෂ්‍යයන් නියොජනය කරන නිල ශිෂ්‍ය සංවිධානයකි.
ප්‍රකාශය කියවීමට මෙතැන ක්ලික් කරන්න... ➔
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නියාමනය කරන ප්‍රධාන නීතිය වන්නේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතය (Universities Act No. 16 of 1978). මෙම පනත යටතේ විශ්වවිද්‍යාලවල පරිපාලනය, ශිෂ්‍ය අයිතිවාසිකම්, විනය සහ ශිෂ්‍ය සංගම් පිහිටුවීම සඳහා නීතිමය රාමුවක් (legal framework) සකස් කර ඇත. ශිෂ්‍ය සංගම් යනු ශිෂ්‍යයන්ගේ සුබ සාධන, නියෝජනය සහ සාමූහික කටයුතු සඳහා පිහිටුවන නිල සංවිධාන වේ.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආයුර්වේදය, සිද්ධ සහ යුනානි වැනි දේශීය වෛද්‍ය ක්‍රම හදාරන ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම ශිෂ්‍ය සංවිධානයයි. මෙය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය තුළ පිහිටා ඇත.
පීඨයේ ශිෂ්‍යන්ගේ අධ්‍යයන අයිතීන් වෙනුවෙන් පමණක් නොව සෞන්දර්යාත්මක සහ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම සඳහා ද දේශීය වෛද්‍ය ක්‍රමය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ද ක්‍රියාත්මක වන අනුකමිටු ත්‍රිත්වයක් අප යටතේ පවතී.
ඒවා නම්,
මෙම අනුකමිටු ත්‍රිත්වය හරහා පීඨය තුළත් ඉන් පිටතටත් විවිධ වැඩ කටයුතු සංවිධානය කිරීම සිදු කරනු ලබයි. ඒ තුළ ගොඩ නැගෙන ශිෂ්‍ය කුසලතා සමස්ථ ආයුර්වේද ක්ෂේත්‍රය තුළම අනාගත සුබසිද්ධියට ධනාත්මක ප්‍රවේශයක් ලබා දෙයි.
සිසුන්ගේ කලාත්මක හැකියාවන් ඔප්නැංවීම.
APL, Big Match සහ ක්‍රීඩා උත්සව.
වෛද්‍ය සායන සහ මහජන සේවා.